hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 15, පෙ.ව. 8:08



ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සම්පත් බැංකුව සමඟ සහයෝගීතාවයකට එළඹෙමින් සම්පත් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සඳහා සුවිශේෂී වාසි රැසක් හඳුන්වාදීමට කටයුතු කළේය. ඒ අනුව HNB General Insurance (HNBGI) වෙතින් මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ ලබාගන්නා සම්පත් කාඩ්පත්හිමියන් හට සිය කාඩ්පත් හරහා පොලී රහිතව (0%) මාස 12 ක කාලයකින් සිය රක්ෂණාවරණ ගෙවීම සිදුකිරීමට හැකි පහසු ගෙවීමේ සැලසුම් හිමිවනු ඇත. HNB General Insurance සිය මව් සමූහයෙන් පිටත බැංකුවක් සමඟ සන්ධානගත වෙමින් ශ්‍රී ලංකාව පුරා වැඩි පාරිභෝගික පිරිසක් කරා ළඟා වීමට ගත් මෙම පියවර සුවිශේෂී පියවරක් වශයෙන් හැඳින්විය හැකිය.

HNB General Insurance වෙතින් පිරිනැමෙන මෙම විශේෂ පහසුකම ලබාගන්නා සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට පොලී රහිතව තමන්ට පහසු ආකාරයට ගෙවීම් සිදු කිරීමට අවස්ථාව හිමිවන විවිධ රක්ෂණාවරණ අතරට මෝටර් රථ රක්ෂණාවරණ මෙන්ම නිවාස, සංචාර, වෛද්‍ය සහ අනෙකුත් සියලුම රක්ෂණාවරණ ප්‍රතිපත්ති අයත් වන අතර මේ හරහා වඩා වැඩි පිරිසකට රක්ෂණවරණයක ආරක්ෂාව ලබා දීමට හැකිවනු ඇති බවට ්‍යභඊ ඨැබැර්ක ෂබිමර්බජැ සමාගම විශ්වාසය පළ කරයි.

“ශ්‍රී ලංකාව පුරාම විහිදුණු ජාලයක් සහ අති විශාල කාඩ්පත් හිමියන් සමූහයක් හිමි සම්පත් බැංකුව අවිවාදයෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක්. එනිසා සම්පත් බැංකුව සමඟ සන්ධානගත වීම හරහා ශ්‍රී ලංකාව පුරා විසිරුණු විශාල පාරිභෝගිකයින් පිරිසකට අපේ රක්ෂණාවරණයන්ගේ පහසුව සහ ආරක්ෂාව ලබා දීමට අපට හැකියාව ලැබෙනවා. මේ පහසු ගෙවීමේ ක්‍රමය තුළ පොලී ගෙවීම් වැනි අතිරේක වැය වීම් නොමැති නිසා විශාල පිරිසකට දෙවරක් නොසිතාම රක්ෂණාවරණයකට යොමු වීමට හැකියාව දැන් ලැබී තිබෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් HNB General Insurance සමාගමේ ප්‍රධාන ව්‍යාපාර නිලධාරී/සාමාන්‍යාධිකාරී සම්පත් වික්‍රමාරච්චි මහතා පැවසීය.

සම්පත් බැංකු කාඩ්පත් මධ්‍යස්ථානයේ සහකාර සාමාන්‍යාධිකාරී ශිරාන් කොස්සින්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “අපි නිරන්තරයෙන්ම අපේ කාඩ්පත්හිමියන් හට හොඳම ගනුදෙනු ලබාදීමට වෙහෙස වෙනවා. HNB General Insurance සමඟ ඇති කරගත් නව සබඳතාවයත් ඒ ආකාරයේ හොඳම රක්ෂණාවරණ ගනුදෙනුවක් සම්පත් කාඩ්පත්හිමියන් හට ලබා දෙන සුවිශේෂී සබඳතාවයක්. ඒ හරහා සම්පත් කාඩ්පත්හිමියන් සහ ඉතා පහසුවෙන් සහ අවම වියදමකින් තමන්ගේ රක්ෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අවස්ථාව හිමි වී තිබෙනවා.”

HNB General Insurance (HNBGI) සහ සම්පත් කාඩ්පත් අතර නව සහයෝගීතාවය නිසා පාරිභෝගිකයින් හට හිමිවන ප්‍රතිලාභ පහත පරිදි වේ.

■             0% පොලී අනුපාතය: රක්ෂණාවරණය සඳහා වන මුළු වියදම මාස 12 කින් පොලී රහිතව ගෙවීමේ පහසුව.

■             පුළුල් රක්ෂණාවරණ පරාසය: HNB General Insurance වෙතින් ලබා දෙන මෝටර් සහ මෝටර් නොවන රක්ෂණාවරණ සියල්ලම සඳහා මෙම පහසු ගෙවීම් සැළසුම හිමි වේ.

■             පහසුව: සම්පත් කාඩ්පත් හරහා ගෙවීම් සිදු කිරීම ඉතා පහසු හා විශ්වාසනීය ක්‍රම වේදයකි.

■             දැරිය හැකි වියදම: සම්පත් කාඩ්පත් හරහා පහසු ගෙවීමේ සැළසුමේ ක්‍රමයට රක්ෂණාවරණ ගෙවීම සිදුකරන පාරිභෝගිකයින් හට එක් සැළකිය යුතු වියදමක් කාල සීමාවක් පුරා කොටස් වශයෙන් ගෙවීමට හැකි වීම නිසා සිය වියදම් පහසුවෙන් කළමනාකරණය කරගැනීමේ අවස්ථාව හිමි වේ.

HNB General Insurance (HNBGI) සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පුළුල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance PLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB General Insurance (HNBGI) සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB General Insurance (HNBGI) සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශවකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: