මෙහෙයුම අතරතුර පොලිස් සැරයන්ට වෙඩි: සැකකරු පොලිස් අවිය රැගෙන පලා යයි

MonaraMonara

මල්වතුහිරිපිරිය ප්‍රදේශයේදී සැක ත්‍රී රෝද රථයක් පරීක්ෂා කළ මල්වතු හිරිපිටිය පොලිසිය නිලධාරීන් පිරිසක් එහි සිටි සැකකටයුතු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම පුද්ගලයා පොලිසියෙන් මිදී පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් අතරතුර පොලිසියේ සැරයන්වරයකු අත තිබූ ගිනි අවියක් පත්තු වී එම සැරයන්වරයාට තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා.

මල්වතුහිරිපිටිය නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම වාහනයක් පරීක්ෂා කරමින් සිටින අතර තුර බටේපොළ නගරය හරහා ගමන් ගත් සැකකටයුතු ත්‍රී රෝද රථයක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම ත්‍රිරෝද රථයේ රියදුරු පරීක්ෂා කිරීමේදී ඔහු පැන යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය හා පොරබැදීමක් සිදුව ඇති බවත් එම අවස්ථාවේ ගිනි අවිය පතු වී ඇතැ බවයි පොලිසිය පවසන්නේ.

කෙසේ වූවද අදාල සැකකරු පත්තු වූ ගිනි අවියද රැගෙන ත්‍රිරෝද රථයෙන් පළා ගොස් තිබෙනවා.

තුවාල ලත් සැරයන්වරයා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.