දියේ ගිලී සිසුවෙකු අතුරුදන්

දියේ ගිලී සිසුවෙකු අතුරුදන්

හබරාදූව තල්පේ මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් පිරිසක් අතරින් හය දෙනෙකු රළ පහරකට හසු වී ගසා ගෙන ගොස් තිබෙනවා

පොලිසිය පැවසුවේ ඉන් සිසුන් පස් දෙනෙකු ප්‍රදේශවාසින් විසින් බේරා ගෙන ඇති බවයි

දියේ ගිලී අතුරුදන් වූ සිසුවා 16 හැවිරිදි වියේ පසුවන පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පිරිස කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් මගින් සංවිධානය කර තිබූ විනෝද චාරිකාවක් සඳහා තල්පේ මුහුදු තීරයට පැමිණ තිබූ බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ

අතුරුදන් වූ සිසුවා සොයා නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා

Share This