දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

දකුණු කොරියාවේ කෘෂි අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.

කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සඳහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙස අමාත්‍යාංශය අවධාරණය කරනවා.

කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවත් අමාත්‍යාංශය පවසනවා.

දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.