Saturday, May 4, 2024
spot_imgspot_img
HomeBiz NewsMelstacorp PLC වෙතින් රාගම මෙල්ස්ටා රෝහල හරහා දැවැන්ත සමාජ සත්කාරයක් ...

Melstacorp PLC වෙතින් රාගම මෙල්ස්ටා රෝහල හරහා දැවැන්ත සමාජ සත්කාරයක් …

සෑම මසකම වකුගඩු බද්ධ කිරීමක් සඳහා රුපියල් ලක්‍ෂ 10ක අනුග්‍රාහකත්වයක්

දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා විසින් අධිපතිත්වය දරන ශ්‍රී ලංකාවේ විශාලතම සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාර ජාලයක් වන Melstacorp PLC ව්‍යාපාර සමූහය විසින් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හඳුන්වා දී ඇති අතර ඒ යටතේ සෑම මසකම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සිදු කරනු ලබන එක් රෝගියෙක් සඳහා රුපියල් ලක්‍ෂ 10ක (1,000,000.00) අනුග්‍රහයක් ලබා දීමට කටයුතු යොදා ඇත. මෙම ව්‍යාපෘතිය Melstacorp PLC ව්‍යාපාර සමූහයට අයත් රාගම මෙල්ස්ටා රෝහලෙහි මෞත්‍ර ලිංගික රෝග චිකිත්සක සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය හරහා සිදු කෙරෙනු ඇත.

තෝරා ගනු ලබන රෝගියාට ලැබෙන රුපියල් ලක්‍ෂ 10ක මුදල ඔහුගේ සැත්කම සහ ඒ ආශ්‍රිත වියදම්වලින් 30%ත් 35%ත් අතර ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට ප්‍රමාණවත් වන අතර ස්වාධීන කමිටුවක් විසින් රෝගියාගේ ආර්ථික පසුබිම, රෝගියාගේ පවුලට ලැබෙන සහනය ආදී කරුණු පිළිබඳව විධිමත් ඇගයීමක් සිදු කර සෑම මසකම අනුග්‍රහය දක්වන රෝගියා තෝරා ගැනීම සිදු කෙරෙනු ඇත. රෝගීන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසන් අනුමැතියට යටත් වේ.

මෑතකාලීනව දිවයින පුරා වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය අර්බුදයන්හි සීඝ්‍ර වැඩිවීමක් සිදු වී ඇති අතර ඒ නිසාම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදු කිරීමේ අවශ්‍යතාවය ද ප්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇත. අවාසනාවකට මෙන්, රජයේ සෞඛ්‍ය අංශ මුහුණ දී සිටින ආර්ථික අර්බුද නිසාත් මෙම සංකීර්ණ සැත්කම් ක්‍රියාවලිය සඳහා වැය වන විශාල මුදල නිසාත් රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ද අභියෝගයක් වී ඇත.

“2020 වර්ෂයේදී මෞත්‍ර ලිංගික රෝග චිකිත්සක සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය ආරම්භ කළ තැන් සිටම වකුගඩු බද්ධ කිරීමේ අවශ්‍යතාවය ඇති රෝගීන් මුහුණදෙන අභියෝග අපි හඳුනා ගත්තා. මේ සම්බන්ධයෙන් අපට ඇති විශේෂඥ දැනුම සහ අප සතු වන සම්පත් නිසි ආකාරයෙන් භාවිතා කරමින් උපකාර අතව්‍යශ්‍යම රෝගීන් හට සහනයක් සැළසීමට Melstacorp කළමනාකකාරීත්වය තීරණය කළේ ඒ නිසයි. මේ ව්‍යාපෘතිය හරහා Melstacorp හි දැක්ම වන ‘වගකීම් සහගත විවිධත්වය’ සාර්ථකව ක්‍රියාවට නැංවීමටත් අපට හැකි වී තිබෙනවා.” යැයි Melstacorp හි කළමනාකරණ අධ්‍යක්‍ෂ සම්පත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

“මේ සත්කාර්යෙහි  සුවිශේෂීත්වය වන්නේ මෙය යම් කිසි කාල සීමාවකට පමණක් සීමා නොවුණු ව්‍යාපෘතියක් වීමයි. රාගම මෙල්ස්ටා රෝහලේ මෞත්‍ර ලිංගික රෝග චිකිත්සක සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වන තුරු අඛණ්ඩවම අපි මේ අනග්‍රාහකත්වය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි Melstacorp විදියට ස්ථිර වශයෙන්ම සෑම මාසයකම එක් රෝගියෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ලබන අපරිමිත සතුටක කොටස්කරුවන් වෙනවා. ආයතනයක් විදියට අපට ලබා ගන්න පුළුවන් ඉහළම ගෞරවය වෙන්නෙත් ඒ සතුට කියලා අපි විශ්වාස කරනවා.” යැයි රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂ සහ Melsta Health හි රෝහල් කළමනාකරණය පිළිබඳ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ඉරෙයිවන් ත්‍යාගරාජා මහතා පෙන්වා දුන්නේය.

බ්‍රවුන්ස් රෝහල ලෙසින් පෙරදී හැඳින්වුණු රාගම මෙල්ස්ටා රෝහල 2020 වර්ෂයේදී Melsta Health සමාගම විසින් අත්පත් කරගෙන නැවත සන්නාමකරණය කිරීමෙන් අනතුරුව Melsta Health සමාගම විසින් රෝහල නව්‍යකරණය සඳහා සුවිශේෂී ආයෝජන රැසක් සිදු කරන ලදි. එවන් එක් දැවැන්ත ආයෝජනයක් ලෙස නව මෞත්‍ර ලිංගික රෝග චිකිත්සක සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය හැඳින්විය හැකි අතර එහි සේවය කරන පළපුරුදු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ එහි වන නවීනතම පහසුකම් නිසා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 100%ක්ම සාර්ථක කර ගැනීමට හැකි වී ඇත.

“රාගම මෙල්ස්ටා රෝහලේ පිහිටුවා ඇති මෞත්‍ර ලිංගික රෝග චිකිත්සක සහ වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය තමයි ලංකාවේ තියෙන වඩාත්ම දියුණු සහ කීර්තිමත්ම වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය. ප්‍රාදේශීය රෝහලක් වශයෙන් පැවතුණත් යාපනයේ සිට මාතර දක්වා සෑම ප්‍රදේශයකම විසිරුණු රෝගීන් දහස් ගණනක් අපේ මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඒ බව සනාථ වෙනවා. ඉතා සාර්ථකව වකුගඩු සැත්කම් සිදු කරන අතරතුර ඉහළ ගුණාත්මක බවකින් සහ විධිමත් බවකින් යුක්තව රෝගීන්ට දැරිය හැකි පහසු මිලකට ඩයලසිස් (dialysis) ප්‍රතිකාර සිදු කිරීම සඳහාත් අපේ සේවා මධ්‍යස්ථානය ඉහළම කීර්තියක් ලබා තිබෙනවා. මේ ආකාරයේ සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් හරහා ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වන අපගේ මෙහෙවර දැවැන්ත පියවරක් ඉදිරියට ගෙන යාමට හැකි වීම ගැන අවංකව සතුටු වෙනවා” යැයි රාගම මෙල්ස්ටා රෝහලේ සාමාන්‍යාධිකාරිනී රොෂිටා නිරූෂන් මහත්මිය පැවසුවාය.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා අනුකග්‍රාහකත්වය ලබා ගැනීම සම්බන්ධ තොරතුරු පහසුවෙන් ලබා ගැනීම සඳහා රාගම මෙල්ස්ටා රෝහල විසින් 0778 738096 විශේෂ දුරකථන අංකය හඳුන්වා දී ඇති අතර එම තොරතුරු ලබා ගැනීමට අපේක්ෂා කරන අයට දුරකතන අංකය අමතා හෝ සතියේ දින පහේ පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර රෝහලට පැමිණ හෝ එම තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments