අද තද වැසි

අද තද වැසි

අද(02) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරුමැද සහ ඌව පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසුතැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ මොණරාගල  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලටමි. මී. 75 වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසනකාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This