පිත්තක් වෙනුවෙන් සිසුවෙක් මරලා

පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් නාවලපිටිය මොන්ටි ක්‍රිස්ටෝ වත්තේ පහළ කොටසෙන් වාර්තා වනවා.

සිසුන් දෙදෙනා පාසල් මිතුරන් වන අතර පසුගිය 23 වෙනිදා මොවුන් දෙදෙනා එම වත්තේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ගිය අවස්ථාවේ ක්‍රිකට් පිත්ත සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමත් දුර දිග යෑමෙන් පහරදීම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

බරපතළ තුවාල ලැබූ සිසුවා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!